Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Download SD 480p 854 MB
Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ඔන්න මම අද අරගෙන ආවේ හැමෝම බලන්න ආසාවෙන් ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි. Spider Man: No Way Home (2021). 2021 අවුරුද්දේ අන්තිම සතිවල සිනමා ශාලා වලට එලි දක්වපු මේ චිත්‍රපටිය, ආදායම් වාර්ථා බිඳ හෙලමින් අති සාර්ථක ලෙස තිරගත වුනා. ඉතා මෑතකදී තමයි, DVD පට ලෙස එලි දැක්වුනේ. මේ චිත්‍රපටියේ රේටිං මේ ලිපිය ලියනකොට IMDB 8.6, RottenTomatoes 93%, Google Users 97% ලබාගෙන තිබ්බා. ඉලක්කම් වැරදිලා නෙමෙයි. ඒ තරම්ම මේක ජනප්‍රියයි.
ස්පයිඩර්-මෑන් කියන චරිතය ගැන විස්තර කියන්න ඕනේ නෑනේ. මේ කතාව පාදක වෙලා තියෙන්නේ Marvel Comics අයගේ සුපිරි වීර චරිත ඇසුරෙන්. හරියටම කියනවා නම් Marvel Cinematc Universe (MCU) එකේ 27 වන කතාව. Spider Man Homecoming (2017), Spider Man Far From Home (2019) චිත්‍රපටි දෙකේ තුන්වෙනි කතාව. Jon Watts තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණ කරන්නේ. කලින් චිත්‍රපටි දෙකත් මෙයාගේම වැඩ තමයි. Stan Lee සහ Steve Ditko ගේ ස්පයිඩර්-මෑන් තමයි කතාවට පදනම් වුනේ. Tom Holland (පීටර් පාකර්) සහ Zendaya (මිෂෙල් ජෝන්ස්) තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. මීට අමතරව Benedict Cumberbatch (දොස්තර ස්ට්‍රේන්ජ්), Jacob Batalon (නෙඩ්) රඟපානවා. තව විශේෂයක් තියෙනවා. ඒ තමයි කලින් චිත්‍රපටි වල දෙදෙනෙක් මේකටත් සම්බන්ධ වීම. කවුද නොකියා රඟපාන දෙන්නා විතරක් කියන්නම්. Andrew Garfield සහ Tobey Maguire. මේ චිත්‍රපටියේ ආදායම් වාර්ථාව ලේසි නෑ. ඩොලර් මිලියන 200ක වියදමකින් නිෂ්පාදනය වුණු මේ චිත්‍රපටියේ ආදායම ඩොලර් මිලියන 1878 කට ආසන්න ප්‍රමාණයක් වුනා.
කතාව ගැන කියලා වැඩක් නෑ. හැමෝම දන්නවා ස්පයිඩර්-මෑන් ගැන. මේ චිත්‍රපටියේදී, ස්පයිඩර්-මෑන් සහ දොස්තර ස්ට්‍රේන්ජ් එකතුවෙලා කරන මන්ත්‍රයක ප්‍රථිපලයක් විදියට, වෙනත් විශ්වයක හිටපු ප්‍රභල දුෂ්ඨයන් කිහිපදෙනෙක් පෘථීවියට එනවා. එයාලාව පරද්දලා ආපහු යවන්නේ කොහොමද කියලා බලන්න, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය බලන්නම වෙනවා. ජයවේවා!!
0 අදහස්