57 SECONDS (2023) SINHALA SUBTITLES | තත්පර 57 | සිංහල උපසිරැසි සමඟ

57 SECONDS (2023) SINHALA SUBTITLES | තත්පර 57 | සිංහල උපසිරැසි සමඟ

Download

Cloud                                      600MB / 1.4GB720p/1080p                   Download

OR

Online watch


57 SECONDS (2023) SINHALA SUBTITLES | තත්පර 57 | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් ටයිම් ට්‍රැවලින් ෆිලුමක් බලන්න ආපු ඔයාලා හැමෝටම. මේක ඉතින් Si-Fi , ත්‍රිලර් කැටගරි එකට තමයි අයත් වෙන්නේ.. ටයිම් ට්‍රැවලින් ෆිල්ම් වල මේ මගේ ⁣දෙවනි ෆිල්ම් එක. මීට කලින් මම Primer 2004 එකට Sub එකක් කලා. ඒක බැලුවේ නැත්තං මෙතනින් ගිහින් ගන්න.. Primer තරමටමම මේක සංකීර්ණ නැති වුනත් ඒ හා සමානව මේ ෆිල්ම් එකත් ටිකක් විතර සංකීර්ණයි. අපේ භාශාවෙන් නම් ටිකක් මංඤ්ඤං සහගතයි 😖 සබ් එක මට දීලා ටික දවසක් ගියා මේක හදලා බාර දෙන්න. මේ දවස් වල මට හම්බවෙන සබ් ටිකක් අමාරැයි.😣😫 මොකද මේකේ මම අහලාවත් නැති වචන තිබුනා. USA වල එයාලටම ආවේණික වුන උපමා වගේ දේවල් අම්බානෙකට තියනවා. තව ඔය අපි වහෙන් ඔරෝ කියනවා වගේ කියලා කියන්නේ.. අන්න ඒවා එහෙම පිරිලා. ඒවා හොයන්න මට වෙනම කාලයක් කැපකරන්න වුනා..😩 ඉතින් අඩුපාඩුවක් එහෙම තිබුනොත් ඒකටත් සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. 🙏 ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.2 කුත් , ගූගල් පරිශිලක අගය 53% කුත් ගන්න සමත් වෙලා තියනවා. ෆිල්ම් එක අති සුපිරි චීස් කැල්ලක් නොවුනත් සැලකිය යුතු මට්ටමක ෆිල්ම් එක තියනවා කියලා අවිවාදයෙන් පිලිගන්න ඕනමයි. මම ඉතින් බොරැ කියන්නෑ නේ..අති සුපිරියක් නම් කෙලින්ම කියනවා 😋 නැත්තං නෑ.. 😉 බය නැතුව අරන් බලන්න..මේක හොද ෆිල්ම් එකක්.. 💥 මේකේ අපිට ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා අපේ හොලිඩුඩයේ සීයා පප්පා වන මෝරගන් ෆ්‍රීමන් සහ ජෝශ් හචර්සන්…😎 කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ ෆ්රෑන්ක්ලීන් ෆොක්ස් කියන AI තාක්ෂණික දේවල් ගැන උනන්දුවක් දක්වන ⁣බ්ලොගර් කෙනෙක් වටා. මෙයා ඇන්ටන් බරෙල් ඒ කියන්කේ අපේ සීයා පප්පා කරන සම්මන්ත්‍රණයකට ඔලුව දානවා කොහොම හරි.. ඉතින් මේ අපේ ඇන්ටන් ලග තියනවා මුද්දක්.. මේ මුද්දෙන් තත්පර 57ක් අතීතයට යන්න පුලුවන්.. ඔච්චරයි මම කියන්නේ.. එතකොට කවුද මේ ඇන්ටන් කියන්නේ? මොකද්ද මේ මුද්ද? ෆ්රෑන්ක්ලීන් මොකටද ⁣ඇන්ටන් පස්සේ යන්නේ? තත්පර 57 එයාලගේ මුලි ජීවිතයම කනපිට පෙරලයි ද? අතීතය වෙනස් කරොත් ඒක අනාගතයට සහ වර්ථමානයට කරන බලපෑම කෙසේ වේවිද කියලා අපි ෆිල්ම් එක බලලම දැනගමු නේ 😉😋 එහෙනම් අයමත් මේ වගේ සුපිරියක් අරන් එනකම් ජයන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කමෙන්ට් එකකුත් දාන් යන්න අමතක කරන්න එපා ෆිල්ම් එක බලලා ඇ 😉👇


Type: Movie 

Genre: Superb...! Action, Adventure, Fantasy,

Status: Active

Movie: --

Director: Rusty Cundieff

Date aired: September 29, 2023

Premiered: 2023 USA

Duration: 1h 39m

Quality: HD

අදහසක් පළ කරන්න

0 අදහස්