Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

 Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Download 

Download        FHD     1080p1.96 GB

  Download      Hd       720p985 MB 

Download       SD        480p498 MB

Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

සුභ දවසක් හැමෝටම!!

SCOOBY DOOBY DOO!!..

❗️❗️කලින් DVD Rip පිටපත තමයි දාලා තිබ්බේ. මොකද Original පිටපත රිලීස් වෙලා තිබ්බෙ නැති නිසා… ඔන්න අද ඔරිජිනල් WEB-DL පිටපත අරං ආවා…❗️❗️

ස්කූබි-ඩු කියපුවාම දන්නෙ නැති කෙනෙක් ඉන්නව කියලනම් හිතන්න බෑ.ලොකු පොඩි කියල වෙනසක් නැතුවම හැමෝම ආදරය කරන කතාවක් තමයි ස්කූබි-ඩු කියන්නෙ.හරි අද මෙ අරන් ඇවිල්ල තියෙන්නෙ අලුතෙන්ම ආපු Scooby-Doo! ඇනිමේෂන් ෆිල්ම් එක තමයි.

හරි මම දැන් චිත්‍රපටය ගැන ටිකක් කියල ඉන්නම්,

චිත්‍රපටියෙ නම තමයි Scoby-Doo! And Krypto Too! කියන්නෙ.Cecilia Aranovich කියන අධ්‍යක්ෂකවරිය තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ.නිෂ්පාදනය Warnor Bros Home Entertainment සමාගම විසින් සිදු කරල තියෙනව. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ජස්ටිස් ලීග් එකේ සාමාජිකයින් වෙච්ච සුපිරි වීරයො ටික අභිරහස් විදිහට අතුරුදහන් වෙනව.එයාලව හොයන්න භාර වෙන්නෙ අපේ අභිරහස් කණ්ඩායම වෙන ස්කුබීඩු අභිරහස් කණ්ඩායට තමයි.ස්කුබීයි එයාගෙ යාලුවො ටිකයි..අහ් තව ස්කුබීට සුපිරි යාලුවෙකුත් හම්බෙනව.මේ කට්ටිය එකතු වෙලා තමා මේ අභිරහස විසදන්න හදන්නෙ.හරි මෙතනින් එහාට කතාව කීවොත් කතාවෙ රසය අඩුවෙන හින්ද මීට වැඩිය කියන්න යන්නෙ නෑ….


එහෙනම් ස්කුබීටයි එයාගෙ යාලුවො කට්ටියටයි මේ අභිරහස විසදන්න පුලුවන් වෙයිද? කව්ද මේ අලුතෙන් ස්කුබීට හම්බෙන යාලුව කියල බලන්නනම් කතාව බලන්නම වෙනව.

එහෙනම් කතාව බලලම ඉන්නකෝ කතාව බලල Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්…

අදහසක් පළ කරන්න

0 අදහස්