SPIDER-MAN: ACROSS THE SPIDER-VERSE (2023) සිංහල උපසිරසි සමඟ (SINHALA SUBTITLES)
AD
SPIDER-MAN: ACROSS THE SPIDER-VERSE (2023) SINHALA SUBTITLES | “බහුවිශ්වයන් හරහා ගමනේ…!” | සිංහල උපසිරැසි සමඟ
දැක්ක ගමන් දන්නවනෙ මොකද්ද ගෙනාවෙ කියලා, ඔව්! Spider-Man: Across the Spider-Verse තමා ෆිල්ම් එක 2018 පස්සෙ අවුරුදු 5ක් බලාගෙන ඉඳලා ඉඳලා අන්තිමේදී…ඉතින් කතාවට යන්න කලින් උපසිරැසිය නිර්මාණයට මට හරියටබැලුවොත් දවස් 4 ක් ගතවෙනවා..ඉතින් හරිවැරදි අඩුපාඩු කියන්න අමතක කරන්න එපා..කැමරා පිටපතකට කරලා තිබුන නිසා වෙබ් පිටපත ආපු ගමන් දෙන්නෙ..IMDB 8.9 ක් වගේම..Rotten Tomatoes 96 % ක් තියෙන මේ ෆිල්ම් එක පහුගිය ජූනි 2 වන දා ලෝකෙ පුරාම තිරගත වුනා.ඉතින් වැඩි කතා එපා යමු ෆිල්ම් එක පැත්තට..💥☝️ Spider-Man: Across the Spider-Verse කියන්නෙ ඇනිමේෂන් සුපර්හීරෝ ෆිල්ම් එකක්..ඇනිමේෂන්? ඔව්..දැනට ලෝකෙ වැඩිම ආදායම් වාර්තා බිඳලා උඩු යටිකුරුකරපු ඔස්කාර් සම්මානයෙන් පවා පිදුම් ලබපු අති දැවැන්ත ෆිල්ම් එකක දෙවෙනි කොටසයි මේ..“Spider-Man: Into the Spider-Verse” (2018) දී ඉහළම රසික ප්‍රතිචාර ලැබුවා විශේෂයෙන්ම post malone ගායනා කරන Sunflower ගීතයට හිතාගන්න බැරිතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා..මේක විශේෂ වෙන්නෙ මේකේ තියෙන අති සුපිරිගනයේ ඇනිමේෂන් වගේම මෝෂන් හේතුවක් වෙන නිසයි..Joaquim Dos Santos සහ Kemp Powers විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය, ස්පයිඩර්වර්ස් හි චරිතයක් වෙන මයිල්ස් මොරාලිස් වටා ගෙතුන කතාවයි අපිට පෙන්වන්නෙ කතාව පැත්තට… ඉතින් “Spider-Man: Across the Spider-Verse” එකේදී මයිල්ස් ගෙ ලෝකෙ Spider-Man මැරුනට පස්සෙ මයිල්ස් අළුත් ස්පයිඩර්මෑන් විදිහට සුපුරුදු විදිහට ඉන්නකොට කිංපින් ගෙ කොලයිඩර් එකෙන් ඇතිවුන අන්තර්මාන ඝට්ටනය නිසා මාන අතර අතරෙ සිදුරු හැදිලා..ඉතින් මේ කතාවෙ විශේෂ දුෂ්ඨයෙක් විදිහට අපිට “ස්පොට්” ව බලාගන්න පුළුවන්..මේ අතර කතාවට විවිධාකාර ස්පයිඩර්මෑන් ලා 250 කට වඩා මේ ෆිල්ම් එකේ ඉන්නවා කියලයි ආරංචිය.ඉතින් විශේෂයෙන්ම අපිට ස්පයිඩර්මෑන් ලා විදිහට මයිල්ස් මොරාලිස් ස්පයිඩර්මෑන්, ස්පයිඩර් ග්වේන්, පීටර් බී පාකර්,ජෙෆ්, මිගෙල් ඔ’හාරා, ස්පයිඩර් ඉන්දියා,දැකබලාගන්න පුළුවන්..කතාව ගැන වැඩිය කියන්න යන්නෑ.. දැනටමත් ලොව පුරා බොක්සොෆිස් ආදායම ඩොලර් මිලියන $683.8 ක ආදායමක් මේ ෆිල්ම් එක ගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් ආරාධනා කරනවා රස විඳින්න කියලා..සුභ දවසක්..
AD
0 අදහස්